මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සුමිත්පුර ප්‍රදේශයේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 250ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 21 වන දින රාත්‍රියේදී සමත් විය.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.