කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ දී 16 වනදා කාන්තාවකට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර සහ අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මඟින් කොටහේන පොලිස් ස්ථානයට සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 සහ 18 අතර වන අතර, කොළඹ 13 ප්‍රදේශවල පදිංචි බව පොලිසිය තහවුරු කරයි.
මෙම සැකකරුවන් අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොටහේන පොලිසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.