BREAKING NEWS 🔴 :

නාරාහේන්පිටදී තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්

ඊයේ (17) රාත්‍රියේ  ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ

ඊයේ (17) රාත්‍රියේ  ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


වාහනයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණද, තුසිත හල්ලොලුව හෝ එහි ගමන් කළ ඔහුගේ නීතිඥවරයා තුවාල ලබා නොමැත.


වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව මහතාට පහරදීමක්ද සිදු කර  ඇත. ඒ අතර කිසියම් පුද්ගලයෙක් විසින් තුසිත හල්ලොලුව මහතා සතු වටිනා  ලිපි ගොණුවක් පැහැර ගොස් ඇති අතර මේ වන විට ප්‍රථිකාර සඳහා  හල්ලොලුව මහතා රෝහල් ගතකර ඇත. මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


source : aruna

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post