BREAKING NEWS 🔴 :

තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන සැකයක්?

 
තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වාහනයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණද, තුසිත හල්

ප්‍රධාන පුවත වාර්තා  වූයේ මෙසේය

 තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වාහනයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණද, තුසිත හල්ලොලුව හෝ එහි ගමන් කළ ඔහුගේ නීතිඥවරයා තුවාල ලබා නොමැත.

වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව මහතාට පහරදීමක්ද සිදු කර  ඇත. ඒ අතර කිසියම් පුද්ගලයෙක් විසින් තුසිත හල්ලොලුව මහතා සතු වටිනා  ලිපි ගොණුවක් පැහැර ගොස් ඇති අතර මේ වන විට ප්‍රථිකාර සඳහා  හල්ලොලුව මහතා රෝහල් ගතකර ඇත. මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සැකයට හේතුව  මුහුණුපොතේ පල වූ  සටහනක් එලෙසින්ම උපුටා  දක්වමින් පහතින් ඇත.


වෙඩි තැබීමක් සිදුකර තිබුනත් තුසිත හල්ලොලුවට සහ නීතීඥයාට කිසිදු වෙඩිල්ලක් වැදී නැත. 

මේ කියන විදියට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඔවුන් යන මග හරස් කර වාහනයට වෙඩිතබා ෆයිල්  පැහැරගෙන ගොස් ඇත. ඒ කියන්නෙ වාහනයේ දොරත් ඇරල තියෙනවා. 


වෙඩික්කරැ , තුසිත හල්ලොලුවට එච්චරටම සමීපවෙලත් වෙඩි තියල තියෙන්නෙ වාහනයට. සාමාන්‍යයෙන් වෙඩි තියන්න ටාගට් එකක් ගන්නකොට ඔච්චර ලගින් ( අතේ දුරින් ) ඉන්න කෙනෙක්ට  වෙඩි තියන්න ඕන පොඩි එකෙක්ට පුළුවන්. 


 වෙඩිතැබීම සිදුවූ ප්‍රදේශය ගත්තොත් සිදුවීම උන ප්‍රදේශයට එහාපැත්තෙ පොලිස් ගරාජ් එක, STF කදවුර, යුධ හමුදා නිළධාරී නිවාස ( ඒ කියන්නෙ අධි ආරක්ෂිත කලාපයක්.) මේ ස්ථානය Army  , STF , Police , Airforce නිළධාරීන් බොහෝ ගැවසෙන ප්‍රදේශයක්. ටිකක් එහායින්  BMICH එක. පාතාලයෙන්  මේ වගේ තැනක වෙඩිතැබීමක් කරයිද ... ? 

උපුටා ගැනීම අවසන්

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post