වාහන අමතර කොටස්වල සඟවා රුපියල් මිලියන 210ක් වටිනා රත්තරන් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපළට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයින් සඳහා ගුවන් තොටුපළේ ‘රක්ත මාවත’ ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් එක් අයෙක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
අනෙක් පුද්ගලයා මහනුවර රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල යෙදෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ රටට ගෙන ඒමේ ක්‍රියාවලියක ඔවුන් නිරත වූ බව අනාවරණය වී තිබේ.
මෙම දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට ගුවන් තොටුපළට පැමිණ තිබේ.
කිලෝග්‍රෑම් 6.700 ක් බරැති රන් තොගය, රන් බිස්කට් 21 ක් සහ උණු කර වාහන සිසිලන පද්ධතියකට අයත් ජල පොම්පවල හැඩයට හැඩගස්වා තිබූ රන් කුට්ටි කිහිපයක් ද ඔවුන් එහි ගෙන ආ ගමන් මලුවල සඟවා තිබුණි.
ඒ අනුව, මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීති විරෝධී ලෙස ගෙන ආ රන් තොගය සමඟ අද (16) උදෑසන ගුවන් තොටුපළ රේගු නිලධාරීන්ට භාර දෙන ලදී.
Source: aruna.lk