BREAKING NEWS 🔴 :

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කැබ් රථයක් අනතුරට

 

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අලිගැට පේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ පහළින් පිහිටි තේ වත්තකට පෙරළී ගොස් තිබේ.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අලිගැට පේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ පහළින් පිහිටි තේ වත්තකට පෙරළී ගොස් තිබේ.

අද (16) අලුයම 4 ට පමණ හැටන්, ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් කැබ් රථයේ රියදුරු සහ කැබ් රථයේ සිටි මගියෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.

හැටන් ප්‍රදේශයේ වතු සහ වතුකරයේ සිට විකිණීම සඳහා කොළඹට අලිගැට පේර ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසීය.


Source: Aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post