හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණ දඬුවම නියම කළේය.
බේරුවල අවට මුහුදු තීරයේ බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 17 කට වඩා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම තිදෙනා 2018 වර්ෂයේදී දී අත්අඩංගුවට ගන්නා ලදී.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය.
source: aruna.lk