සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
මේ අතර, හරක්කටාගේ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පළමු වරට අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
source:NethNews