BREAKING NEWS 🔴 :

පොලිස් නිලධාරීන්ට කඩු හරඹ පෙන්නන ගිය අයෙක් වෙඩි කයි

 

තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කඩුවකින් පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කඩුවකින් පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


තුවාල ලැබූ පුද්ගලයා බද්දේගම, ගනේගම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.


තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානය වැටලූහ.


එම අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි අතර එහි සිටි එක් අයෙකු කඩුවක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.


පොලිස් නිලධාරීන් තම පුද්ගලික ආරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කරමින් එම පුද්ගලයාගේ දණහිසින් පහළින් වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.


Source: NethNews

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post