මීගමුව, ලයිට් මාල් හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද වැටලීමකදී මෙම දුම් වැටි සොයාගෙන ඇත.
වැටලීමේදී තීරුබදු රහිත සිගරට් 33,000ක් සහ යතුරුපැදියක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව, අළුපොත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
source: NethNews