BREAKING NEWS 🔴 :

සජබ අපේක්ෂකයාට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

සැකකරුවන් තිදෙනාම වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවියද සොයා ගැනීමට හැකිවී තිබේ. එක් සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරු මත

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩි තැබීම පසුගිය 04 වන දින කළුතර ප්‍රදේශයේදී සිදුවූ අතර ඉලක්ක කර තිබුණේ කළුතර මහ නගර සභාවට තරඟ වදින බන්දුල ප්‍රසන්න මහතාටයි.


පොලිස් විමර්ශන වලට අනුව, සැකකරුවන් තිදෙනාම වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවියද සොයා ගැනීමට හැකිවී තිබේ. එක් සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනා සහ ගිනි අවිය සොයා ගැනීමට පොලිසියට හැකි විය.


සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී, පයාගල ප්‍රදේශයේ සඟවා තිබූ තවත් යතුරුපැදි 6ක් සොයාගෙන ඇත. මෙම යතුරුපැදි ප්‍රදේශ කිහිපයකින් සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒවා කළුතර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන බෝම්බුවල නවීන් නැමැත්තාට විවිධ අපරාධ සඳහා සපයා ඇති බවට තොරතුරු ලැබී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.


source:aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post