රන් ආලේපිත T-56ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් අත්අඩංගුවට: චමුදිත ඝාතන තර්ජනයක් ද?
කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයට රන්වන් පැහැයෙන් යුතු T-56 වර්ගයේ ගිනි අවියක් රැගෙන යාමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියත් සමඟ විවිධ කතාබහ සමාජය තුළ ඇතිවී තිබේ.
පොලිසිය පැවසූ පරිදි මෙම කාන්තාවන් දෙදෙනා සැක කටයුතු ලෙස බෑගයක් රැගෙන නිවාස සංකීර්ණය තුළට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී ආරක්ෂක අංශවලට ඇති වූ සැකය මත පොලිසියට දැනුම් දී ඇත. පසුව සිදු කළ සෝදිසියකදී මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මෝටර් රථයේ පසුපස දොර අගුළු දමා නොතිබූ අතර කිසියම් අයෙකු විසින් මෙම බෑගය එහි දමා ගොස් ඇති බවයි. ඔවුන් දෙදෙනාම හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිකාරියන් බව ද පොලිසිය පවසයි.
මෙම නිවාස සංකීර්ණයේ ප්‍රභූවරුන්, ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම පාතාල කල්ලිවලට සම්බන්ධ පුද්ගලයින්ද පදිංචිව සිටින බැවින් මෙය ප්‍රභූ ඝාතනයක් සඳහා ගෙන ආවක්ද යන්න පිළිබඳව පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
මීට අමතරව, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කරන බවට ඩුබායි හි සිටින පාතාල නායකයෙකු විසින් මීට පෙර අනතුරු අඟවා තිබුණි.
චමුදිත මහතා ජිම් එකේදී ඝාතනය කරන බවට ඔහු ප්‍රකාශ කර තිබූ අතර, චමුදිත මහතාද හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට නිතර යන බව වාර්තා වේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිසිය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
චමුදිත සමරවික්‍රම මහතා සිය යූටියුබ් නාලිකාව හරහා මෙරට සිදුවන දූෂණ හා වංචා පිළිබඳව නිරන්තරයෙන් කරුණු හෙළිදරව් කරන බැවින් මෙම ගිනි අවිය ඔහුගේ ඝාතනය සඳහාම රැගෙන ආවාද යන්න සැක සහිත බව බොහෝ දෙනාගේ මතයයි.
එබැවින්, රන් ආලේපිත ගිනි අවිය හමුවීම සහ චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වී ඇති තර්ජන සැලකිල්ලට ගෙන පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව අපගේ විශ්වාසයයි.
තොරතුරු : මුහුණු පොතෙන්