ශ්‍රී ලංකා ජනරජ දිනය අදට යෙදී තිබේ
අද මැයි 22 වන දිනට ශ්‍රී ලංකා ජනරජ දිනය යෙදී ඇති අතර, මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 53 වන ජනරජ දිනය සමරනු ලබයි.
1815 දී උඩරට ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ ශ්‍රී ලංකාව, පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු විසින් පාලනය කරනු ලැබීය. 1948 පෙබරවාරි 4 වන දින ලංකාව නිදහස ලැබුවද එය ඩොමිනියන් නිදහසක් වූ අතර, බ්‍රිතාන්‍යයේ බලපෑම දිගටම පැවතුණි.
1972 මැයි 22 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය විසින් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කරන ලදී. මෙමගින්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවූ ස්වෛරී ජනරජයක් බවට පත් විය.
මෙම ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ, මෙරට පූර්ණ නිදහස තහවුරු වූ අතර, ශ්‍රී ලාංකිකයන්ට තම රටේ අනාගතය තීරණය කිරීමේ පූර්ණ අයිතිය හිමිවිය. ජනරජ දිනය සැමරීම තුළින්, අපගේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ස්තූති කිරීමත්, ස්වෛරී රාජ්‍යයක් ලෙස ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ගැනීමත් අරමුණු වේ.
මෙම වැදගත් දිනයේදී, සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුභ ජනරජ දිනයක් වේවා!