2009 වසරේ වවුනියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි. ඒ අනුව, විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට මෙම තීරණය ගෙන ඇත.
2009 අප්‍රේල් 20 වන දින වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නම් වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.
නඩු විභාගයෙන් අනතුරුව, වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කළේය. විත්තිකරු මෙම මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරු නිදහස් කිරීමට තීරණය කර ඇත.