BREAKING NEWS 🔴 :

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට පිහියෙන් ඇනලා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට අද (මැයි 20) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට අද (මැයි 20) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබේ.


පොලිස් වාර්තාවන්ට අනුව, මෙම සිද්ධියට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු රෝහල් පරිශ්‍රයේ සොරකම් කරමින් සිටියදී එය දුටු රෝහල් සේවකයෙකු ඒ පිළිබඳව විමසීමයි.


එම අවස්ථාවේදී සැකකරු විසින් රෝහල් සේවකයාට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් ඇත.


රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහර කෑමට ලක්වූ රෝහල් සේවකයාගේ තත්ත්වය බරපතල නොවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post