ආනයනය කිරීමට නියමිතව තිබූ ලුණු තොගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම නිවේදනය කරයි.
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ මෙරටට ළඟා වීමට නියමිතව තිබුණි. මෙම තොගය පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 2,800ක් ලෙස සමස්තයක් වශයෙන් මෙට්‍රික් ටොන් 3,050කින් සමන්විත වේ.
කෙසේ වෙතත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලුණු තොගය මෙරටට ළඟා වීම දින කිහිපයක් ප්‍රමාද විය හැකි බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ලුණු තොග අඛණ්ඩව මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවත් ජාතික ලුණු සමාගම වැඩිදුරටත් පවසා සිටී.
ආනයනික ලුණු තොගය ලැබුණු වහාම වෙළඳපොලේ ලුණු සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාතික ලුණු සමාගම පාරිභෝගිකයින්ට සහතික කරන්නේ ලුණු හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි.