හලාවත ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ රථ අනතුරක්: හත් දෙනෙකු රෝහල්ගත කෙරේ
හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී අද (21) උදෑසන වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසූ පරිදි, දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබූ අතර එම අවස්ථාවේදී මෝටර් රථ දෙකක් නවතා තිබී ඇත. එම මොහොතේ කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය ඉදිරියට ඇදී ගොස් බවුසරයක ගැටී ඇති බවද සඳහන් වේ.
මෙම අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී. අනතුරට හේතුව සහ අනෙකුත් තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව දන්වා සිටී.