BREAKING NEWS 🔴 :

11 හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් මරුමුවට

 වෙලම්බොඩ, කෝවිල්කන්ද ප්‍රදේශයේදී 11 හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් මරුමුවට

වෙලම්බොඩ, කෝවිල්කන්ද ප්‍රදේශයේදී 11 හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් මරුමුවට


වෙලම්බොඩ පොලිස් වසමට අයත් කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක ඊයේ (20) සවස් යාමයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් 11 හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.


පොලීසිය පැවසූ පරිදි, මියගිය දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.


සිද්ධිය වූ ආකාරය පිළිබඳව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, දැරිය නිවසේ ස්ලැබ් එක මතට ඉනිමඟක් ආධාරයෙන් නැඟ ඇති බවයි. එම ස්ලැබ් එක මතට රිළවුන් පැමිණීම වැළැක්වීම සඳහා විදුලි කම්බි සවිකර තිබී ඇති අතර, එහිදී දැරිය විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට විශ්වාස කෙරේ.


මියගිය දැරියගේ සිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වෙලම්බොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී. 

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post