BREAKING NEWS 🔴 :

ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටියේදී අනතුරට

 හමුදා සෙබළුන් පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටියේදී අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

හමුදා සෙබළුන් පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් මනම්පිටියේදී අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇත.


අද (අයි 21) මනම්පිටිය - අරලගංවිල මාර්ගයේ 03 කණුව අසලදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරට පත්ව ඇත්තේ මින්නේරිය යුද හමුදා කඳවුරට අයත් ඩිෆෙන්ඩර් රථයක් වන අතර එය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.


අනතුරෙන් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් පස්දෙනාම මනම්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post