කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දහය ශ්‍රේණියේ සිසුවියක් මෑතකදී සියදිවි නසාගැනීමත් සමඟ බම්බලපිටිය රාමනාදන් හින්දු විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයට මාරුකර යවා තිබේ.
මේ අතර විදුහල්පතිනියගේ වැඩබැලීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරිනියක් පත්කර ඇති බව වාර්තා වේ.
මෙම මාරුකිරීමට හේතුව ලෙස සැලකෙන්නේ, පසුගිය වසරේ එම විද්‍යාලයේ සිසුවියක් ගුරුවරයෙකු අතින් සිදුවූ අපයෝජනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇති අතර, එම ගුරුවරයා දැනට අනිවාර්ය නිවාඩු මත යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වීමට නියමිතය.