BREAKING NEWS 🔴 :

හරක් කටාට එරෙහි නඩුව ජූලි 15 දක්වා කල් යයි

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ල


ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන #නදුන් චින්තක හෙවත් "හරක් කටාට" එරෙහිව මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක් බිඳ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.


කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජූලි මස 15 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.


මෙම නඩුවේ සාක්ෂිකාරියක වන ඉන්ද්‍රානි ඩයස් නමැත්තිය අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇයට මීළඟ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා දැනුම් දුන්නේය.


දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ විත්තිකරු හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ත්‍රස්ත මර්ධන කාර්යාංශ නිලධාරීන් ඔහුව මාධ්‍යවලට නිරාවරණය නොවන පරිදි ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.


මෙම නඩුව ඉදිරියට විභාග වන දිනය ප්‍රදේශවාසීන්ගේ අවධානයට ලක්ව ඇති අතර, නඩුවේ තීරණය කෙරෙහි බොහෝ දෙනාගේ උනන්දුවක් දක්නට ලැබේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post