BREAKING NEWS 🔴 :

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන සලිඳු

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන සලිඳු මල්ශිත හෙවත් කුඩු සලිදු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.


මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර්  සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

කුඩු සලිඳුට එරෙහි රතු නිවේදනය වැළැක්වීමේ පෙත්සම ජූලි 3දා යළි විභාගයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන සලිඳු මල්ශිත හෙවත් කුඩු සලිඳු, තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) හරහා රතු නිවේදනයක් නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ජූලි මස 03 වන දින සලකා බැලීමට අධිකරණය නියම කර ඇත.


අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද (2025-05-21) කැඳවනු ලැබීය.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, පසුව රඳවාගෙන විමර්ශන සිදුකළ බවත්ය. පසුව සැකකරු මුදා හැරීමෙන් අනතුරුව ඔහු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින්, රටින් පලා ගොස් සිටින පුද්ගලයෙකුට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළ නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් පෙන්වා දුන්නේය.


පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරක කාලයක් රඳවාගෙන සිටි බවත්, මාස හතක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවත් පැවසීය. තම සේවාදායකයාට එරෙහිව සෘජු සාක්ෂි නොමැති බව රජයේ නීතිඥවරයා විසින් දැනුම් දීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා ඔහුව ඇප මත මුදා හැරීමට තීරණය කළ බවද නීතිඥවරයා කියා සිටියේය. තවද, මුදාහැරීමෙන් පසු විවිධ පුද්ගලයින් මුදල් ඉල්ලා තම සේවාදායකයාට තර්ජනය කළ බැවින් ජීවිතයට ඇති බිය නිසා ඔහු රටින් පලා ගිය බවද එම නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 03 වන දින කැඳවීමට නියම කළේය.


source:nethnews

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post