අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජුනි මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
"දූෂණය" නැමැති වරද යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී රමිත් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.