BREAKING NEWS 🔴 :

මාවනැල්ලේ මාරක රිය අනතුරක් එක් අයෙක් මරුට

මාවනැල්ල පොලිස් වසමට අයත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බෙලිගම්මන පන්සල ඉදිරිපිටදී අද (මැයි 22) අළුයම සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 58ක් වූ පදිකයෙකු ජී

මාවනැල්ල පොලිස් වසමට අයත් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බෙලිගම්මන පන්සල ඉදිරිපිටදී අද (මැයි 22) අළුයම සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 58ක් වූ පදිකයෙකු ජීවිතක්ෂයට පත්විය.


පොලිස් වාර්තාවන්ට අනුව, නුවර දෙස සිට මාවනැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කාර් රථයක්, එම මාර්ගයේම පයින් ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මාර්ගය මැදට විසිවී ගොස් ඇති අතර, එම අවස්ථාවේ නුවර දෙස සිට මාවනැල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයකද ගැටී ඇත.


තුවාල ලැබූ පදිකයා වහාම මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කළද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය පුද්ගලයා වටරප්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනාම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මාවනැල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


මෙම අනතුරත් සමඟ මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳව නැවතත් අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post