පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු තියුණු ආයුධයකින් ඇනගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය අද 22 වන දින සිදුවී ඇති අතර, මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා සෙම් රෝගී තත්ත්වයක් සහ වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 18 වන දින පොළොන්නරුව මහ රෝහලේ 18 වන වාට්ටුවට ඇතුළත් කර ඇත. දින 5ක කාලයක් 23 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, පස්වරුවේ පළතුරු කැපීම සඳහා රැගෙන ආ කුඩා පිහියකින් පපුවට ඇනගෙන සියදිවි නසාගෙන තිබේ.
රෝහල් පොලීසියේ නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේ, රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවූ වේදනාව දරාගත නොහැකිවීම නිසා මෙම පුද්ගලයා සියදිවි නසාගන්නට ඇති බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් වැඩිදුර විමර්ශන සිදුකරයි
source:adaderana