රීරෝද රථ සොරකම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැල්ලම්පිටිය, සංහිඳ සෙවණ මහල් නිවාස සංකීරණය අසලදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද තොරතුරක් මතය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වූ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මොහු විසින් වැල්ලම්පිටිය සහ කැලණිය පොලිස් වසම්වලින් සොරාගන්නා ලද ත්‍රීරෝද රථ දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.