2024 (2025) වර්ෂයේ පැවැත්වීමට නියමිත දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට සහ 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටින සිසුන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මැයි 24 සහ 25 යන දිනවලදී දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන අතර එම දිනවලම අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ද පැවැත්වීමට නියමිත බැවින් සිසුන් අපහසුතාවයට පත්විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
යම් සිසුවෙකුට මෙම විභාග දෙකම එකම දිනවලට යෙදී තිබේ නම්, අදාළ සිසුවාගේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලැබී ඇති ඇතුළත් වීමේ කාඩ්පත (ප්‍රවේශ පත්‍රය) සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කළ ඇතුළත් වීමේ කාඩ්පත හෝ සහතික කළ පිටපතක් මැයි 27 වන දිනට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීමෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා වෙනත් දිනයක් ලබා ගැනීමට හැකියාව ඇත.
වැඩිදුර තොරතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුව අමතන්න.
0112784208 හෝ 0112784537