BREAKING NEWS 🔴 :

කන්කසන්තුර වරායට පැමිණි නෞකාවකින් රුපියල් මිලියන 41.2ක කුෂ් මාට්ටු

ඉන්දියාවේ නාගපටුනම් වරායෙන් කන්කසන්තුර වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දියානු ජාතිකයෙකු විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් ම

ඉන්දියාවේ නාගපටුනම් වරායෙන් කන්කසන්තුර වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දියානු ජාතිකයෙකු විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කන්කසන්තුර වරායේ සේවයේ නියුතු රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


අවුරුදු 33ක් වූ සැකකරු, එම මත්ද්‍රව්‍ය සිය ගමන් මළු තුළ සූක්ෂමව සඟවා රැගෙන විත් ඇත. රේගු නිලධාරීන්ගේ සැකය මත ගමන් මළු පරීක්ෂා කිරීමේදී, ව්‍යාජ ස්ථරයක් සකස් කර ඇති ගමන් මළු තුළින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.


රේගු නිලධාරීන් පවසන්නේ, මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ප්‍රමාණවත් ලෙස රුපියල් මිලියන 41.2ක් පමණ වන බවයි.


මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරු මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දීමට පියවර ගෙන ඇත.


source :aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post