නුවරඑළිය සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.
ඊයේ (2025.05/14) සවස 5 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලිඳුල, මල්ලිඅප්පු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය.
නීතිඥවරයෙකු පැදවූ මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව කන්දක හැපී ඇති බවත්, නීතිඥවරයා අනතුරින් තුවාල ලබා නොමැති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇත.
මෝටර් රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය පැදවීම අනතුරට හේතු වී ඇති බව ද වාර්තා වේ.
source:aruna.lk