ජලය පිරුණු වළකට වැටී කුඩා දරුවෙකු මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක් ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මියගිය දරුවා අවිශ්ක සම්පත් විජේරත්න නම් අවුරුදු තුනහමාරක් වයසැති දරුවෙකි. ඊයේ (16) දහවල් සෙල්ලම් කරමින් සිටියදී දරුවා තම නිවස අසල ඉඩමක හාරා තිබූ වළකට වැටී ඇත.
දරුවා නිවසේ නොමැති බව දැනගත් දෙමාපියන් අසල්වැසියන්ගේ සහාය ඇතිව සොයා බැලීමේදී දරුවා වළේ වැටී සිටිනු දක්නට ලැබුණි.
පසුව දරුවා වහාම රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් දරුවා මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
මියගිය දරුවාගේ දේහය දැන් නෑගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.
දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, එය අද (17) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
An unfortunate incident of a small child falling into a water-filled pit and dying is reported from the Galnewa area.The deceased child is a three and a half year old child named Avishka Sampath Wijeratne. The child fell into a pit dug in a land near his house while playing yesterday (16) afternoon.The parents, who learned that the child was not at home, searched with the help of neighbors and found the child lying in the pit.The child was later immediately taken to the hospital, but the police say that the child was already dead.The body of the deceased child has now been deposited at the Negampaha Hospital.An on-site magisterial investigation is scheduled to be conducted into the child's sudden death, which is scheduled to be conducted by the Kekirawa Magistrate's Court today (17).
bsource:aruna.lk