BREAKING NEWS 🔴 :

Update : හලාවත විලත්තාවේ වෙඩි තැබීමේ නවතම තොරතුරු

 

හලාවත පොලිස් වසමේ පුංචි විලත්තාවේ මුගුණුවටවන ප්‍රදේශයේ අද (16) සවස 5.00 ට පමණ සිදු වූ වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධියේ  කාන්තාව මිය ගොස් තිබේන බව

හලාවත පොලිස් වසමේ පුංචි විලත්තාවේ මුගුණුවටවන ප්‍රදේශයේ අද (16) සවස 5.00 ට පමණ සිදු වූ වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධියේ  කාන්තාව මිය ගොස් තිබේන බව වාර්තා වෙනවා..


මියගිය කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව කියන 31 හැවිරිදි මධුෂානි ලෙස හඳුනාගෙන ඇත.


ඇය දින 05 ක පමණ කාලයක් විලත්තාවේ මුගුණුවටවන ප්‍රදේශයේ පිහිටි නිවසක වීරක්කොඩි මුදලිගේ මලිත් භානුක නම් 30 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ජීවත් වී ඇති බවට පොලිසිය සැක කරයි.


අදාළ පුද්ගලයා නිවසේ කාමරයක් තුළ වායු රයිෆලයකින් කාන්තාවගේ බෙල්ලට වෙඩි තබා ඇත.


1990 ගිලන් රථයකින් කාන්තාව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.


මෙම සිද්ධියෙන් පසු, ඉහත සඳහන් පුද්ගලයා එම කාමරයේ එල්ලී සිටියදී සොයා ගත් අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය ලණුව කපා 1990 ගිලන් රථයකින් ඔහු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙන යන ලදී.

source: aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post