BREAKING NEWS 🔴 :

ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්

කොළඹ මහා අධිකරණ පරිශ්‍රය තුළදී "ගනේමුල්ල සංජීව" නමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන මස 4 වනදා දක්වා යළි රිමාන්ඩ

කොළඹ මහා අධිකරණ පරිශ්‍රය තුළදී "ගනේමුල්ල සංජීව" නමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන මස 4 වනදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය. සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට ද අධිකරණය නියෝග කර ඇත.


මෙම සිද්ධියට සම්බන්ධ රියැදුරු ලෙස සැක කෙරෙන පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි අතර, ඔහු ද මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතය.


සැකකරුවන් දෙදෙනාම දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


කෙසේ වෙතත්, මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව තවමත් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. ඇය සොයා ගැනීමට මහජනතාවගේ සහය පතන බව පොලීසිය නිවේදනය කරයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post