BREAKING NEWS 🔴 :

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගෙ ගෙදරින් කෑම ඉල්ලයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගෙන් බන්ධනාගාරයෙන් ඉල්ලීමක්

කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, තමන්ට නිවසින් රැගෙන එන ආහාර පාන ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ලිඛිත ඉල


කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, තමන්ට නිවසින් රැගෙන එන ආහාර පාන ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කර තිබේ. චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අතර, මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


අලුත්ගමගේ මහතා රිමාන්ඩ් බන්ධනාගාරයේ “M 2” වාට්ටුවේ තවත් රැඳවියන් 10 දෙනෙකු පමණ සමඟ රඳවා සිටින අතර, කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද එම වාට්ටුවේම රඳවා සිටී. බන්ධනාගාර නීතිරීතිවලට අනුව අනෙකුත් රැඳවියන්ට ලබාදෙන පහසුකම්ම ඔහුටද ලබාදී ඇති අතර, ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් ඔහුට ලබා දී ඇත.


හිටපු අමාත්‍යවරයා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම ඉල්ලීම කර ඇත. චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතය.


මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට දේශපාලනයේ ප්‍රකට චරිතයක් වන අතර, ඔහු විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ විවිධ පාර්ශවයන්ගෙන් විවිධ අදහස් පළ වෙමින් පවතී. 

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post