අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු අත්අඩංගුවට ගත් 9 දෙනා ඇප මත මුදා හැර තිබේ.
ඊයේ (16) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බව පොලිසිය පැවසීය.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මරදාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කළ ඉල්ලීමකට අනුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, ඒකාබද්ධ සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී සංගමයේ නිලධාරීන් සහ කණ්ඩායමක් කොළඹ රෝහල් චතුරශ්‍රයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.