BREAKING NEWS 🔴 :

ගල්කිස්සේ 19 හැවරදි තරුණයා ඝාතනය කළ යතුරු පැදිකරු අත්අඩංගුවට

 
ගල්කිස්ස, සිල්වෙස්ටර් පාරට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කළ යතුරුපැදියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස, සිල්වෙස්ටර් පාරට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කළ යතුරුපැදියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.


ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගල්කිස්ස පොලිස් ස්ථානය සහ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

සැකකරු හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පන්නිපිටිය, මාකුඹුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.


මේ අතර, යතුරුපැදියේ කොටස් සහ සැකකරුවන් අපරාධය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවස පිටුපස වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.


ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මීට පෙර අපරාධයට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.


එම  සැකකරුවන් වයස අවුරුදු 21 සහ 32 යන වයස්වල පසුවන බව පැවසේ.


source:aruna.lk

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2