කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පසුගිය 11 වැනි දින සිදුවූ බස් රථ අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු, ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) දින මිය ගිය බව කොත්මලේ පොලිසිය වාර්තා කරනවා.
මියගිය තරුණයා තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවත් වූ 21 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මෙම අනතුර හේතුවෙන් මේ වන විට මරණ 23 ක් වාර්තා වී ඇති අතර, නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල්වලට අමතරව පේරාදෙණිය හා මහනුවර ශික්ෂණ රෝහල්වලද නේවාසික ප්‍රතිකාර ලබන තුවාලකරුවන් 40 දෙනෙකු සිටින බව පොලිසිය දනවයි.