25 හැවිරිදි විදේශීය සංචාරක තරුණියකගේ ජංගම දුරකථනය සහ වෙනත් වටිනා දේපළ කොල්ලකා, ඇයව ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සැකකරුවෙක් අත්තඩංගුවට ගෙන ඇත.
ඇය ඇල්ජීරියානු ජාතික තරුණියක් වන අතර ඇයට බීම වර්ගයක් පානය කරන්නට දී සිහිසුන් කර ඇගේ වටිනා දේපළ සොරකම් කර ප්‍රපාතයකට තල්ලු කර සැකකරු පලා ගොස් තිබේ. සිහිසුන්ව වැටී සිටි ඇය රෝහල්ගත කරන ලද අතර, සිහි ලැබීමෙන් පසු ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිස් පරීක්ෂණයෙන් පසුව, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් විමසීම් කරමින් සොරා ගත් ජංගම දුරකථනය සහ අනෙකුත් බඩු භාණ්ඩ නැවත ලබා ගැනීමට හැකි වී ඇත.
වැඩි දුර විමර්ශන වලදී හෙලි වී ඇත්තේ ඔහු සංචාරක මග පෙන්වන්නෙකූ බවයි.