BREAKING NEWS 🔴 :

Litro Gas ගෑස් හිඟය ගැන අනිසි බියක් ඇතිකරගන්න එපා ලිට්‍රෝ සමාග කියයි

වෙළඳපොළේ පවතින LP ගෑස් හිඟය පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය කලබලයක් හෝ බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited) අවධාරණය කර සිටියි. සහනදායී ලෙස ගෑස් සැපයුම පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් තොග දැනටමත් සමාගම සතුව පවතින බව අද (පෙබරවාරි 19) නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ යම් සැපයුම් බාධාවක් ඇති වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බවයි. වරාය කටයුතු සහ සැපයුම් ජාලයේ ඇති වූ දින දෙකක ප්‍රමාදයත්, පාරිභෝගිකයන්ගෙන් බලාපොරොත්තු නොවූ ලෙස හදිසියේ ගෑස් සඳහා ඉල්ලුම ඉහළ යාමත් මීට හේතු වී තිබේ.

මෙම කෙටි කාලීන හිඟය මඟහරවා පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලීම සඳහා සමාගම මේ වන විටත් දැවැන්ත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. ඒ අනුව:

පසුගිය පෙබරවාරි 17 සහ 18 යන දෙදින තුළ පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කර තිබේ.

අද (20) සිට එළඹෙන සෙනසුරාදා දක්වා කාලය තුළ තවත් සිලින්ඩර 351,000ක් දිවයින පුරා බෙදාහැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉදිරි සැපයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මස අවසන් වීමට පෙර තවත් ගෑස් නෞකා තුනක් මෙරටට ළඟා වීමට නියමිත බවයි. ඒ සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් තහවුරු කර ඇති බැවින්, ඉදිරියේදී මෙරට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට සමාගම සහතික වෙයි.

තවද, ගෑස් ලබාගැනීමේදී හෝ සැපයුම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතී නම්, ලිට්‍රෝ පාරිභෝගික සේවා අංකය වන '1311' අමතා අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසද සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2