BREAKING NEWS 🔴 :

ඉසුරුපායේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට විරෝධතාකරුවන්ගෙන් 'හූ සංග්‍රහයක්' - උණුසුම් තත්ත්වයක්!

බත්තරමුල්ල, ඉසුරුපාය: අද පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ, විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට එහි රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් විසින් 'හූ' තබමින් සිය විරෝධය පළ කිරීමත් සමඟයි.


අග්‍රාමාත්‍යවරිය අද උදෑසන අමාත්‍යාංශය වෙත පැමිණි අතර, ඇය සිය කටයුතු නිමවා නැවත පිටව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය විය. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩව සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටින පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරියට එරෙහිව හඬ නගා ඇත.


අග්‍රාමාත්‍යවරිය සිය නිල රථයට ගොඩවී අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේදී, විරෝධතාකරුවන් පිරිස දිගින් දිගටම හූ හඬ නගමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය. එම අවස්ථාවේදී එම ස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, පොලිස් රැකවල් මධ්‍යයේ අග්‍රාමාත්‍යවරිය එම ස්ථානයෙන් පිටත්ව ගියාය.


රජය විසින් හඳුන්වා දීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් එල්ල වන බව පවසමින් මෙම පිරිස සිය සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේදී ද විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් සිටි අතර, ඇය පිටව යන මොහොතේ තත්ත්වය වඩාත් උණුසුම් විය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2