BREAKING NEWS 🔴 :

රනිල් බලන්න මහින්ද සහ සජිත් එති

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මැගසින් බන්ධනාගාර රෝහල වෙත පැමිණිය

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් සනිටුහන් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මැගසින් බන්ධනාගාර රෝහල වෙත පැමිණියේය.


දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද අද (23) උදෑසන 9.30ට පමණ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණීම විශේෂත්වයකි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.


කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇති වූ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඒ මහතාව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ මහතාගේ රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.


ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් මෙලෙස ඔහු බැලීමට පැමිණීමත් සමඟ ඉදිරි දිනවලදී දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2