ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් මත වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (22) දිනයේදී හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් පසු වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා තවදුරටත් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා සිටින අතර, ඔහු සම්බන්ධයෙන් වන වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී සිදු වීමට නියමිතය.