BREAKING NEWS 🔴 :

තොරතුරු තාක්ෂණ රැකියා මුවාවෙන් සයිබර් අපරාධ ජාවාරමක්

නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන, බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බඳවා ගැනීමේ දැවැන්ත ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය හෙළි කරයි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ (IT) අංශයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු ලබාදෙමින් මෙම මිනිස් ජාවාරම සිදුවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් 50,000ක පමණ පිරිසක් මේ ආකාරයෙන් බඳවා ගැනීමට උත්සහ දරමින් සිටින බවයි. දැනටමත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් යොදාගනිමින්, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා දැන්වීම් ප්‍රචාරණය කරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම වංචනික ක්‍රමවේදයේ බරපතළකම පෙන්නුම් කරමින්, පසුගිය සති කිහිපය තුළ පමණක් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අදාළ වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මෙරට තුළ රැඳී සිටින පුද්ගලයන්ට අමතරව, ඩුබායි හි රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් පවා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රැකියා සඳහා යෙදවීමට කටයුතු කර ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. එම නිසා, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී අතිශය විමසිලිමත් වන ලෙසත්, ඒවායේ සත්‍යතාව තහවුරු කරගැනීමකින් තොරව කිසිදු පියවරක් නොගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, සැක සහිත රැකියා අවස්ථා පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය ජනතාවට විශේෂ පණිවිඩයක් නිකුත් කරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2