BREAKING NEWS 🔴 :

දිනක් තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතනයක් සහ අද්භූත මරණ දෙකක් වාර්තා වෙයි

2025 අගෝස්තු 19 වන දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මරණ තුනක් වාර්තා වී ඇති අතර, ඉන් එකක් මනුෂ්‍ය ඝාතනයක් බවට තහවුරු වී ඇති අතර, ඉතිරි දෙක සැක කටයුතු මරණ ලෙස පොලිසිය හඳුනාගෙන ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

2025 අගෝස්තු 19 වන දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මරණ තුනක් වාර්තා වී ඇති අතර, ඉන් එකක් මනුෂ්‍ය ඝාතනයක් බවට තහවුරු වී ඇති අතර, ඉතිරි දෙක සැක කටයුතු මරණ ලෙස පොලිසිය හඳුනාගෙන ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.


පෑලියගොඩින් බහින් බස් වීමක් දුරදිග ගොස් ඝාතනයක්

පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට තහවුරු වී ඇත. 2025 අගෝස්තු 19 වන දින සවස් කාලයේදී සිදුව ඇති මෙම සිද්ධියෙන්, මොට ආයුධයකින් පහර දීම නිසා 46 හැවිරිදි වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ.


පෑලියගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත ආරම්භ කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෘත ශරීරය මේ වන විට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


නෙදුන්කේනි මාර්ගයේ බෝක්කුවක් අසල සැක කටයුතු මරණයක්

එදිනම රාත්‍රී කාලයේ නෙදුන්කේනි පොලිස් වසමේ මුලතිව් නෙදුන්කේනි මාර්ගයේ නෙදුන්කේනි නගරයේ බෝක්කුවක් තුළ සැක කටයුතු ලෙස පුද්ගලයෙකු මියගොස් ඇති බවට තොරතුරක් නෙදුන්කේනි පොලිසියට ලැබී ඇත. මියගොස් ඇත්තේ 46 හැවිරිදි පෙරියකුලම්, කනගරායන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමේදී යම් වාහනයක කැබලි විසිරී තිබූ බවට නිරීක්ෂණය වී ඇති නමුත්, මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය මේ වන විට සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, නෙදුන්කේනි පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.


තලෛමන්නාරමේ නිවසක් තුළ දින කිහිපයකට පෙර සිදුවූ මරණයක්

තලෛමන්නාරම පොලිස් වසමේ විජයපුර ප්‍රදේශයෙන් තවත් සැක කටයුතු මරණයක් වාර්තා වේ. අගෝස්තු 19 වන දින උදෑසන කාලයේ නිවසක් තුළ තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.


ඔහුගේ උස අඩි 05 අඟල් 04 පමණ වන අතර, මරණ පරීක්ෂණවලට අනුව මොහු මියගොස් දින කිහිපයක් ගත වී ඇති බවත්, මෘත ශරීරය ඉදිමී ඇති බවත් නිරීක්ෂණය වී තිබේ. මෙම මරණයට හේතුවද මෙතෙක් අනාවරණය වී නැත. මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තලෛමන්නාරම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2