BREAKING NEWS 🔴 :

අරලගංවිල දිය බෙදුම හන්දිය ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

අරලගංවිල  දිය බෙදුම හන්දිය ප්‍රදේශයෙන් ඊයේ (අගෝස්තු 07) රාත්‍රියේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වේ. එහිදී සැමියෙකු විසින් තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට අරලගංවිල පොලීසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 40ක් වන මැද ඇල්ලේ වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 48ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලීසිය සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය කාන්තාව සහ ඇයගේ සැමියා අතර ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2