BREAKING NEWS 🔴 :

මාරවිල වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට දරුවෙක් රෝහලේ

මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී  (2025.07.22) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ කුඩා දරුවා තුව

මාරවිල පොලිස් වසමේ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී  (2025.07.22) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ කුඩා දරුවා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.


මාරවිල පොලිසිය සඳහන් කළේ, නාදුනන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. මියගිය කාන්තාව වයස අවුරුදු 30ක් වූ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේම පදිංචිකාරියකි. තුවාල ලැබූ ඇයගේ පුතාගේ වයස අවුරුදු 10කි.


මියගිය කාන්තාව ත්‍රී රෝද රථයකින් සිය නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී මෙම වෙඩි වැදීමට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත. ආරම්භක පොලිස් විමර්ශනවලදී වාර්තා වී ඇත්තේ මියගිය කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකු බවයි.


වෙඩි තැබීම සඳහා රිවෝල්වර අවියක් හෝ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි. මාරවිල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2