BREAKING NEWS 🔴 :

ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම පත්වීමත් සමඟින් ඔහු මෙරට 49 වන අගවිනිසුරු ධුරයට පත්විය.

මෙම අගවිනිසුරු ධුරය පුරප්පාඩු වූයේ හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් අනතුරුවය. එම පුරප්පාඩුව සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම පසුගියදා ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබුණි.

නීති ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රීති පද්මන් සූරසේන මහතා 1989 වසරේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ අධිකරණ දිවිය ආරම්භ වූයේ 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීමත් සමඟය.

ඉන්පසුව, 2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත්වූ ඒ මහතා, 2018 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් උසස්වීම් ලැබීය. 2019 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වූ ප්‍රීති පද්මන් සූරසේන මහතා, හිටපු අගවිනිසුරුණිය විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2