BREAKING NEWS 🔴 :

10, 11 ශ්‍රේණිවල අනිවාර්ය විෂයන් මෙන්න


ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබේ. විශේෂයෙන්ම, 10 සහ 11 ශ්‍රේණිවල විෂයමාලාවෙන් ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට ගුරු, විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබුණි.


මෙම චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (17) දින පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එම පැහැදිලි කිරීමට අනුව, 10 සහ 11 ශ්‍රේණිවලට මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස නම් කර ඇත.


කෙසේ වෙතත්, ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් අනිවාර්ය විෂයන් ලැයිස්තුවෙන් ඉවත් කර, තෝරාගන්නා විෂයන් අතරට ඇතුළත් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2