BREAKING NEWS 🔴 :

මාරක රිය අනතුරු සහ වන අලි පහරදීම් නිසා දින දෙකක් තුළ දිවයින පුරා මරණ පහක්

පසුගිය ජූලි 22 හහ 23 දිනයන් තුල ප්‍රදේශ ගණනාවකින් ජීවිත හානි සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි. වන අලි පහරදීම් සහ රිය අනතුරු හේතුවෙන් මෙම පුද්ගල මරණ සිදුව ඇත.

පසුගිය ජූලි 22 හහ 23 දිනයන් තුල ප්‍රදේශ ගණනාවකින් ජීවිත හානි සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි. වන අලි පහරදීම් සහ රිය අනතුරු හේතුවෙන් මෙම පුද්ගල මරණ සිදුව ඇත.


ඇතිමලේදී වන අලි ප්‍රහාරයකින් ජීවිතයක් අහිමි වෙයි

පෙරෙයිදා (ජූලි23) සවස ඇතිමලේ පොලිස් වසමේ ලීමා ඇටගල ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ වත්තේගම, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සිද්ධිය වන අවස්ථාවේ ඔහු වත්තේගම, ලීමා ඇටගල පිහිටි ගව ගාල වෙත ගමන් කරමින් සිට ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත. ඇතිමලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


බිංගිරිය අනතුර: පාපැදිකරුවෙකු මරුට

ජූලි 22  රාත්‍රියේ බිංගිරිය පොලිස් වසමේ දළුගොඩ අකරවත්ත මාර්ගයේ හමන්නාපහුව ප්‍රදේශයේදී බිහිසුණු රිය අනතුරක් සිදුවිය. අකරවත්ත දෙස සිට දළුගොඩ දෙසට ගමන් කළ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ පාපැදියක පිටුපස ගැටී ඇත. අනතුරුව එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටී තිබේ. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු, යතුරුපැදි දෙකෙහි රියදුරන් සහ එක් පසුපෙළ මගියෙක් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට යොමු කෙරිණි. 

එහිදී පාපැදිකරු මියගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 58ක මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 බිංගිරිය පොලීසිය විමර්ශන සිදු කරයි.


හුංගම අනතුර: පාපැදිකරුවෙකුට මරු කැඳවයි

පෙරෙයිදා (ජූලි 23) දහවල් හුංගම පොලිස් වසමේ කදිරගොඩ අදුපැලෑන අතුරු මාර්ගයේ ගොඩවෙල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.

 අදුපැලෑන දෙස සිට කදිරගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහ යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුළත් කෙරිණි. 

එහිදී පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 65ක අදුපැලෑන, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

 හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


වත්තල අනතුර: පාපැදිකරුවෙකු මියයයි, යතුරුපැදිකරු පලායයි

ජූලි 22 රාත්‍රියේ වත්තල පොලිස් වසමේ කොළඹ මීගමුව මාර්ගයේ මාබෝල ප්‍රදේශයේදී පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවිය.

 අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 63ක මාබෝල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

 අනතුර සිදුකළ යතුරුපැදිකරු අනතුරින් පසු පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සාලියවැව අනතුර: ලොරි රථ දෙකක් ගැටී එක් අයෙකු මියයයි

ජූලි 22 රාත්‍රියේ සාලියවැව පොලිස් වසමේ අනුරාධපුර පුත්තලම මාර්ගයේ 17 කණුව ආසන්නයේදී මාරක රිය අනතුරක් සිදුවිය. 

අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ සිටි වන අලියෙකු හේතුවෙන් නතර කර තිබියදී, එම දිශාවටම ධාවනය වූ තවත් ලොරි රථයක් එහි පිටුපස ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ පසුපසින් ගැටුණු ලොරි රථයේ රියදුරු සහ එහි ඉදිරිපස අසුනේ ගමන් කළ තවත් දෙදෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත. 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 29ක මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සියලුම සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

1 Comments

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment
Previous Post Next Post

Advertisement1

Advertisement2