කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තද වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා.
උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 50-60 ක පමණ වේගයෙන් තද සුළං හමන්න පුළුවන්.
මේ තත්ත්වයත් එක්ක සුළඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ආරක්ෂිතව සිටින්න!