BREAKING NEWS 🔴 :

දිවයිනේ ආර්ථික තත්ත්වය මැන බැලීමට නව සංගණනයක්!

 

2025 සහ 2026 වසරවලදී නව ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙම සංගණනය මඟින් කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු

2025 සහ 2026 වසරවලදී නව ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙම සංගණනය මඟින් කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු පිළිබඳව තොරතුරු රැස් කිරීමට අපේක්ෂා කෙරේ.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.


මීට පෙර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2013/14 වසරවලදී ආර්ථික සංගණනයක් පවත්වා ඇත. වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන ලෙස දත්ත යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම නව සංගණනය පැවැත්වීමට නියමිතයි.


2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ද, 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු පිළිබඳව ද තොරතුරු රැස් කිරීමට සැලසුම් කර ඇත. ආර්ථික සංගණනය මගින් රැස් කරන දත්ත, ඉදිරි සංවර්ධන සැලසුම් සඳහා වැදගත් වන අතර, ඒ සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරමු.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post